Blog/පොලිස් රාජකාරිය වේගවත් කරන ඔබේ ඩිජිටල් සහායකයා – EZOFZ Digital Police Directory
Police ResourcesJune 26, 20261 min read

පොලිස් රාජකාරිය වේගවත් කරන ඔබේ ඩිජිටල් සහායකයා – EZOFZ Digital Police Directory

T

Test User

Author

පොලිස් රාජකාරිය වේගවත් කරන ඔබේ ඩිජිටල් සහායකයා – EZOFZ Digital Police Directory

ලංකාව පුරා විසිරී ඇති පොලිස් ස්ථානවල දුරකථන අංක සහ අදාළ කොට්ඨාස තොරතුරු සොයමින් පොත් පත් පෙරළීම දැන් අතීතයට එකතු විය යුතු දෙයකි. විශේෂයෙන්ම පරිගණක ක්‍රියාකරුවන්ට (Computer Operators) සහ රාජකාරියේ නියුතු නිලධාරීන්ට දිනපතා සකස් කිරීමට සිදුවන පළාත් සහ කොට්ඨාස වාර්තා සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදු වේ.

මෙම මහන්සිය සහ කාලය නාස්ති වීම අවම කිරීමට ස්ථිර විසඳුමක් ලෙස, EZOFZ.LK හරහා මෙම ඩිජිටල් පොලිස් නාමාවලිය (Digital Police Directory) හඳුන්වා දී ඇත.

මෙම ඩිජිටල් නාමාවලිය ඔබේ රාජකාරියට පහසු වන්නේ ඇයි?

  • ද්විභාෂා සෙවීම (Bilingual Search): සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පොලිස් ස්ථානයේ නම ටයිප් කළ සැණින් තත්පරයකින් තොරතුරු ලබාගත හැක.
  • ක්ෂණික වාර්තාකරණය: දුරකථන අංකයට අමතරව, අදාළ පොලිස් ස්ථානයට අයත් පළාත සහ කොට්ඨාසය (Province & Division) ක්ෂණිකව තිරයේ දිස්වේ.
  • නිරන්තර යාවත්කාලීන කිරීම්: නව පොලිස් ස්ථාන විවෘත වූ සැණින් එම දත්ත ඇතුළත් කර නාමාවලිය නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ.
  • Click-to-Call පහසුකම: ජංගම දුරකථනයෙන් භාවිතා කරන විට අංකය ටයිප් කිරීම අවශ්‍ය නොවේ; අංකය මත ක්ලික් කිරීමෙන් කෙළින්ම ඇමතුමක් ලබාගත හැක.

විශේෂ පහසුකමක්: යම් පොලිස් ස්ථානයක් සෙවීමේදී එය ලැයිස්තුවේ නොමැති නම්, පිටුවේ ඉහළින් ඇති පහසුකම භාවිතා කර මට දැනුම් දෙන්න. එම තොරතුරු තහවුරු කර වහාම නාමාවලියට එකතු කිරීමට මම කටයුතු කරන්නෙමි.

සහෝදර නිලධාරීන්ගේ කාලය ඉතිරි කර රාජකාරිය වඩාත් කාර්යක්ෂම කිරීම මගේ අරමුණයි.

දැන්ම පිවිසෙන්න: EZOFZ Police Directory

ඔබේ පොලිස් ස්ථානයේ WhatsApp සමූහයන්ටත් මේ පණිවිඩය බෙදාගෙන, ඔවුන්ගේ රාජකාරියත් පහසු කරන්න උදව් වන්න!

Accelerating Police Operations: Your Digital Assistant – EZOFZ Police Directory

Searching through printed records for police station contact numbers and divisional details is now a thing of the past. For computer operators and police officers, preparing provincial and divisional reports can be time-consuming.

To solve this inefficiency, I have developed the Digital Police Directory via EZOFZ.LK.

Why this digital directory simplifies your work:

  • Bilingual Search: Find information in less than a second by typing the name of the police station in either Sinhala or English.
  • Instant Data Access: Get immediate access not just to contact numbers, but also to the specific Province and Division of any police station.
  • Always Up-to-date: The directory is continuously updated to include new police stations as they are established, ensuring the data never goes obsolete.
  • Click-to-Call: Simply click on the phone number from your mobile device to initiate a call instantly—no manual typing required.

Special Feature: If you cannot find a specific station in the directory, use the "Reminder" feature at the top of the page. Once notified, I will verify and add the information to the database immediately.

My goal is to save time for my fellow officers and enhance operational efficiency.

Visit now: EZOFZ Police Directory

Please share this tool with your official WhatsApp groups to help streamline duties across all stations!

policecontact listpolice phone book